ජ’පුර සරසවියේ පාලනාධිකාරිය සිසුන්ගෙන් වැඩිපුර සල්ලි අරන් – කෝප් කමිටුවේ දී හෙළි වෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදු කළ සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප්) අනාවරණය වී තිබෙනවා.

එම හානි වූ, විශ්වවිද්‍යාලයේ දේපොළවල වටිනාකම් මෙන් තුන් ගුණයක් නීත්‍යනුකූල ව අය කරගෙන ඊට අමතවර 25% අධිභාරයක් ද සිදුකර ඇති බව කාරක සභාව පෙන්වා දුන්නා.

ඒ අනුව එලෙස ගණනය කිරීම් අනුව අයකිරීම්වල වරදක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට සුදානම් බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා
මෙහිදී අදහස් දක්වමින් කාරක සභාවට දැනුම්දුන්නා.

ඒ අනුව ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක සිසුන්ට පමණක් මෙ‍ලස දඩ අයකිරීම කෙතරම් සාධාරණ ද යන්න පිළිබඳ ව නැවත සිතා බලන ලෙස ද කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට පැවසුවා.

මෙම කරුණු සාකච්ඡා වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

කාර්යමණ්ඩල සංයුතිය ,මුල්‍ය තත්ත්වය, ඉදිකිරීම්වල පැවති සහ පවතින තත්ත්වයන් හා ශිෂ්‍යයන් සහ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අතර පවතින සම්බන්ධතාව තවදුරටත් ශිෂ්‍ය හිතකර මට්ටමින් පවත්වා ගැනීම යන කරුණු පිළිබඳ ව මෙදින කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ පුර්ණකාලීන තනතුරක් වන මුල්‍යාධිකාරි තනතුරෙහි කටයුතු කරන මුල්‍යාධිකාරිවරිය පෞද්ගලික සමාගමක විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරීමට නිදහස් කර ඇති බව කාරක සභාවේ දී අනාවරණය වූවා.

එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක ද වැඩකටයුතු සිදුකිරීම සඳහා මෙම මුල්‍යාධිකාරිවරිය නිදහස් කර තිබෙන බව ලේඛකාධිකාරීවරයා
පැවසුවා.

අමාත්‍යාංශයෙන් හෝ නොවිමසා එලෙස පුර්ණකාලීන තනතුරක සේවයෙහි නිරත පුද්ගලයෙක් නිදහස් කිරීමට තීරණය කිරීම ගැටලු සහගත බව කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නා.

විශ්වවිද්‍යාලයේ සේවා කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි සේවය කිරීමට එලෙස මුල්‍යාධිකාරිවරිය නිදහස් කර තිබු බව මෙහිදී අදහස් දක්වමින් ලේඛකාධිකාරීවරයා පැවසුවා.

කෙසේ වෙතත් අදාළ මුල්‍යාධිකාරිවරිය ලබාගෙන ඇති නිවාඩු දිනගණන් පිළිබඳව සභාපතිවරයා, කාරක සභාව දැනුවත් කළා.

ඇයගේ 2024 වසරේදී දින 44ක පැමිණීමේ සහ පිටවීමේ සලකුණු සටහන් නොවීම සම්බන්ධයෙන් එය නිවැරදි කර දෙන ලෙසට ලේඛකාධිකාරීවරයාගෙන් කළ ඉල්ලීමට ඔහු විසින් අනුමතිය ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

ව්‍යාපෘති කළමනාකාර තනතුර ප්‍රසිද්ධ දැන්වීමකින් හෝ ඉල්ලුම්පත්‍ර කැඳවීමකින් තොරව,නිසි බඳවා ගැනීමේ පටිපාටියෙන් පරිබාහිරව බඳවා ගැනීම සම්බන්ධයෙන් ද කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ඡා වූවා.

ඒ අනුව කාර්යමණ්ඩල නව බඳවාගැනීමේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබදව සොයා බලා වාර්තාවක් සකස්කිරීමට කාරක සභා සභාපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.

විශ්වවිද්‍යාලයේ ගිණුම්වල තැන්පත් මුදල් පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ඒ අනුව 2024 බාහිර විභාග ඒකකයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සිසුවෙකුගෙන් රු. 10,500/-ක මුදලක් අයකරගෙන තිබුණ ද උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු රුපියල් ලක්ෂ 53කට වැඩි මුදලක් ඉතිරි වී තිබීම පිළිබඳව ද කාරක සභාව නිලධාරීන්ගේ අවධානයට යොමු කළා.

ඒ අනුව මෙම අයකිරීම සිසුන්ට දරාගත හැකි අයුරින් තීරණය කිරීමට ද කාරක සභාව, නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

කෙසේ වෙතත් මේ වසරේ සිට උපාධි ප්‍රදානෝත්සවයන් සඳහා අය කරනු ලබන මුදල් අඩු කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් කාරක සභාවට දැන්වූවා.

මේ අතර විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි හා ඉදිකිරීම්වල පැවති සහ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, රුවන් මාපලගම, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14