spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපාන නෞකාවක් කොළඹ වරායට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බවයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව, දිගින් මීටර් 151 ක් සහ නැව් මුළුව 195ක ගෙන් සමත්විත වනවා.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් OKUMURA Kenji සහ නෞකාවේ ධජ නිලධාරි ලෙස රියර් අද්මිරාල් NISHIYAMA Takahiro කටයුතු කරනු ලබනවා.

‘SAMIDARE (DD-106)’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව තිබෙනවා.

SAMIDARE (DD-106)’ නෞකාව ලබන 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PHOTOEX) නිරත වීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?