AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ ගුවන් යානයක ගින්නක් ( Update )

ජපානයේ ටෝකියෝහි හනීඩා ගුවන්තොටුපොළේ ගුවන් යානයක ගින්නක් හටගෙන තිබේ.

ජපාන ගුවන් සේවයට අයත් JL516, Airbus A350 යානයක් ගුවන් තොටුපලේ ධාවන පථයේදී වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක ගැටී මෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී අදාළ ගුවන්යානයේ මගීන් 379ක් සිට ඇති අතර ගින්න හටගැනීමත් සමග ඔවුන්ව නිරුපද්‍රිතව බේරාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙරළාරක්ෂක ගුවන් යානයක සිටි පුද්ගලයින් 5ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ වෙරළාරක්ෂක ගුවන් යානයේ නියමුවා ඉන් දිවි බේරාගැනීමට සමත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?