Empty Ad
AFC Banner
Empty Ad

ජපානයේ කැපවීම ඉන්දීය අගමැති අගයයි

සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ජපාන – ඉන්දියා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ (JIBCC) නියෝජිත පිරිසක් එහි සභාපති Tatsuo Yasunaga සමග අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා.

නිෂ්පාදන, බැංකු, ගුවන් සේවා, ඖෂධ අංශය, ශාක ඉංජිනේරු සහ සැපයුම් වැනි ප්‍රධාන අංශවල ප්‍රමුඛ පෙළේ ජපාන ආයතනවල ජ්‍යෙෂ්ඨ නායකයින් මෙම නියෝජිත පිරිසට ඇතුළත් වූ බවයි වාර්තා වන්නේ.

නවදිල්ලි නුවර දී පැවැත්වෙන ජපාන – ඉන්දියා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ 48 වැනි ඒකාබද්ධ රැස්වීම පිළිබඳව යසුනාගා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා.

ඉන්දියාවේ උසස් තත්ත්වයේ, අඩු වියදම් නිෂ්පාදන, අප්‍රිකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ගෝලීය වෙළඳපල සඳහා නිෂ්පාදන පුළුල් කිරීම සහ මානව සම්පත් සංවර්ධනය සහ හුවමාරුව වැඩි දියුණු කිරීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර මෙම සාකච්ඡාවට ඇතුළත්.

ජපානයේ ව්‍යාපාර ඉන්දියාවේ ව්‍යාප්ත කිරීමේ සැලසුම් සහ ‘මේක් ඉන් ඉන්ඩියා, මේක් ෆෝ ද වර්ල්ඩ්’ සඳහා වන ඔවුන්ගේ ස්ථීර කැපවීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළා.

ඉන්දු – ජපාන ද්විපාර්ශ්වික සබඳතාවන්හි ප්‍රධාන කුළුණක් ලෙස පවතින නිපුණතා සංවර්ධනයේ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?