ජපානයේ අලුත් අගමැති දිවුරුම් දෙන්න සූදානමින්

ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍ය ෂිගෙරු ඉෂිබා ජපාන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එරට පාර්ලිමේන්තුව ලබන ඔක්තෝම්බරයේ රැස් වූ පසු ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකයේ අණදෙන නිලධාරියා ඔහු වනු ඇති.

වයස අවුරුදු 67ක් වන ඔහු ලබන සතියේ ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඔහුගේ දේශපාලන තීක්ෂණ බුද්ධිය සහ දේශීය විදේශීය ප්‍රතිපත්ති පිළිබඳව පවතින අත්දැකීම මෙවැනි තලයකට ගමන් කිරීමට හේතු වූ බවයි බොහෝ දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්