ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ වත්තට ඇතුළු වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පානදුර පිංවත්ත ප්‍රදේශයේ ඇති පුද්ගලික නිවසට ඇතුල්වීමට උත්සාහ කළ පුද්ගලයකු පානදුර පිංවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා අද 12.30 පමණ එම මහතාගේ නිවස ඇති වත්තට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වී ඇති අතර ආරක්ෂාව සඳහා යොදා සිටි පොලිස් නිලධාරින් එම පුද්ගලයා ඇතුල්වීම දැක ඇති අතර ඉන්පසුව පොලිස් නිලධාරින් මෙම පුද්ගලයාව අල්ලා ගැනීම සඳහා වහා ක්‍රියාත්මක වී ඇති අතර පොලිස් නිලධාරින් සමග පුද්ගලයා පොර බැදීමක් සිදුවී ඇති අතර ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් ග්‍රහණයෙන් මිදී මෙම අනවසරෙන් ඇතුළු වූ පුද්ගලයා පලා ගොස් තිබෙනවා

මෙම සිද්ධිය පිළිබඳව පින්වත්ත පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති තුමාට දුරකථනය මගින් ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරින් දැනුම් දීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ පින්වත්ත පොලිසියේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් දෙකක් සහ යතුරු පැදි හයකින් එම ප්‍රදේශය පුරා වහාම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර එම පුද්ගලයා පින්වත්ත පොලිස් වසමේ කිලෝමීටර් දෙකක් පමණ දුරින් ඇති පින්වත්ත,පුඤ්ඤානන්ද මාවතේ ඇති පාළු නිවසක සැඟවී සිටියදී සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 25 ක පමණ පුද්ගලයකු වන අතර ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවත් පෙදරේරු රැකියාවේ යෙදී සිටින පුද්ගලයකු දැඩිව මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

මේ වන විට එම පුද්ගලයා පින්වත්ත පොලිස් භාරයේ පසුවන අතර හෙට දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17