spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයාට ලබන සඳුදා (09) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස එම කොමිසම මඟින් දන්වා තිබෙනවා.

හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි ඔවුන් මෙලෙස එම කොමිසම හමුවට කැඳවා ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසන්නේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැඩි කනස්සල්ලට පත්වන බවයි.

භාෂණයේ සහ රැස්වීමේ නිදහස, අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබාගැනීම් හා සම්බන්ධ අයිතිවාසිකම් මෙන්ම අනෙකුත් මූලික අයිතිවාසිකම් සහ නිදහස හදිසි නීතිය පවතින අවස්ථාව තුළ බලපෑමට හෝ අවමානයට ලක් නොවනු ඇති බවට බලාපොරොත්තුවන බව අදාල නිවේදනය වැඩිදුරටත් දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?