ජනාධිපති රනිල් පිලිපීනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරට ළඟාවීමට නියමිතව තිබෙනවා.අද(28) පස්වරුවේ ඔහු මෙලෙස පිලිපීනයට ලඟා වීමට නියමිත බවයි පැවසෙන්නේ.

එසේම ජනාධිපතිවරයා හෙට පිලිපීන ජනාධිපති මාකෝස්ජූනියර් හමුවීමට නියමිත අතර ඉන් පසු ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන පාලක මණ්ඩල රැස්වීමේ මුලසුන දැරීමට නියමිතව තිබෙනවා.