ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් ගැන සරසවි ඇදුරන්ගෙන් උපදෙස්

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඉදිරියේදී අවධානය යොමු කළ යුතු අංශ සම්බන්ධයෙන් සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් උපදෙස් ලබා ගෙන තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි. මෙම කාරක සභාවේ සභාපතිත්වය දරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා විසින්.

මෙම සාකච්ඡාවට කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ හොරණ ශ්‍රී පාලි මණ්ඩපය නියෝජනය කරමින් මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරු පැමිණ සිටියා.

මෙහිදී ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම, නාලිකා ශ්‍රේණිගත කිරීමේ (Ratings) ක්‍රමය, ගුණාත්මකව ටෙලිනාට්‍ය සකස්විය යුතු ආකාරය, මෙරට ජනමාධ්‍ය පර්යේෂණ ආයතනයක් පිහිටුවීම සහ ළමයා සම්බන්ධයෙන් මාධ්‍ය ක්‍රියාකිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. එසේම ගුණාත්මක මාධ්‍ය දර්ශකයක් සකස්කිරීම වෙනුවෙන් වසර 10ක් අරමුණු කර ගත් ජාතික සැලැස්මක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32