ජනමතයට කන් දෙන්නැයි රටේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතන රජයෙන් ඉල්ලයි

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අටක් ලිපියක් මගින් රජයෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒ මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙසය එමගින් ඉල්ලා ඇත්තේ.

එමෙන්ම වෙනසක් ඉල්ලා සාමකාමී විරෝධතාවල නිරත වී සිටින ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින බව එම ආයතන නිවේදනය කර තිබෙනවා.

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අතරට අයත් වන මාස් හෝල්ඩින්ග්ස්,හේමාස් සමූහ ව්‍යාපාරය,ඩයලොග් ඇක්සියාටා සමාගම ,ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය,ජෙට්වින්ග් සමාගම,සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරය,සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය, බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම එලෙස ඉල්ලීම් කර ඇති සමාගම් වේ.

“ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යාවශ්‍ය බදු වැඩකිරීම වැනි ප්‍රතිසංස්කරණ හේතුවෙන් ව්‍යාපාර සහ පුද්ගලයන්ට කෙටි කාලීනව අභියෝගයක් එල්ල වේවි.ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා එය අත්‍යාවශ්‍ය ක්‍රියා මාර්ගයක් බව අපි විශ්වාස කරනවා .ජනතාව ඉල්ලන වෙනසට අපි සහයෝගය දෙනවා අපි පාලකයින්ට කියනවා ජනතාවට ඇහුන්කන් දීලා ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි මාර්ගයට ගැනීම සඳහා ඉක්මනින් යහපාලන මුලධර්ම මත පදනම්ව නිවැරදි ආර්ථික සහ දේශපාලන ක්‍රියා මාර්ග ගන්න කියල”හේමාස් සමුහ ව්‍යාපාරය සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

“සියලු ප්‍රජාවන් එකමුතු වී සාමකාමී විරෝධතා වල නියැලෙමින් ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් ඉල්ලුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට.ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දරුණු ආර්ථික අර්බුදයට සමාන අභියෝගවලට ලෝකයේ තවත් රටවල් මුහුණ දෙමින් සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන්,කුමන රජයක් සිටියත් මේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීම අමාරු දෙයක් ඒ වගේම තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඉතා වැදගත්” සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය සඳහන් කර ඇත්තේ.

බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ ජනමතයට එකඟ වන බවත්,සෑම විටම ශ්‍රී ලාංකික ජනතාව සමග සිටින බවත් ප්‍රකාශ කළේය.”බ්‍රැන්ඩික්ස් කණඩායමේ හඬට සැමවිටම ඇහුන්කන් දෙන්නා සේ ඒ හා සමානව සාමකාමී සමාජ ව්‍යාපාරවල නිරත වෙමින් තම මතය ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතියට අපි ගරු කරනවා”බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම නිකුත් කර ඇති නිවේදනයේ සඳහන්.

රඹුක්කන සිද්ධිය අසා ඉතා කණසල්ලට පත් වූ බව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය පවසයි.රටේ වත්මන් ජනමතය සමග එකඟ වන බවත් ජනතාව ඉල්ලා සිටින ඉල්ලීම් වලට තිරසාර විසඳුමක් ලබා දීමට නිසි පියවර ගන්නා ලෙසත් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය ප්‍රකාශ කළේ. ජනතාවගේ සාමකාමී සමාජ ව්‍යාපාරවලට සහභාගී වීමේ අයිතියට, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට අඛණ්ඩව සහය දෙන බවත් දේශපාලනික සහ සමාජීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කිරීම වැදගත් බවත් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය වැඩි දුරටත් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකික ජනතාවගේ හඬට ඇහුන්කන් දෙන ලෙස මාස් හෝල්ඩින්ග්ස් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.වත්මන් ආර්ථික සහ සමාජයීය අර්බුදය විසඳීම සඳහා ඉතා ඉක්මනින් වගකීමෙන් ක්‍රියා කළයුතු බවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දෙන බවත් කල්පවතින වෙනසක් ඇති කරමින් ශ්‍රී ලංකාව වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බව තරයේ විශ්වාස කරන බවත් මාස් හෝල්ඩින්ග්ස් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ දිග හැරෙන සිදුවීම් පිළිබඳ දැඩි කණසල්ලට පත්ව සිටින බව ජෙට්වින්ග් සමාගම පැවසීය.දුර්වල පාලනය සහ පටු තීරණ ගැනීම හේතුවෙන් ආර්ථිකයට,ප්‍රජාවන්ට සහ පුද්ගලයන්ට එහි බලපෑම එල්ල වී ඇති බවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දෙන බවත් ජෙට්වින්ග් සමාගම ප්‍රකාශ කර සිටින්නේ.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට සහ සන්නිවේදනයට සහාය දෙන බව ඩයලොග් ඇක්සියාටා සමාගම පවසයි.ශ්‍රී ලංකාවට ක්‍රමානුකූල වෙනසක් අත්‍යවශ්‍ය බවත් ඉහළ මට්ටමේ විනිවිදභාවයෙන් යුත් යහපාලනයක් අවශ්‍ය බවත් නැවත වරක් ශ්‍රී ලංකාවට වෙනදාටත් වඩා ශක්තිමත් ව නැගී සිටීමට හැකියාව ලැබෙතැයි විශ්වාස කරන බවත් ඩයලොග් ඇක්සියාටා සමාගම නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18