ජනපති සහ කුවේට් අගමැති අතර හමුව

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කුවේට් අග්‍රාමාත්‍ය ‘ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා’  අතර හමුවක් පසුගිය 19 වන දා පෙරවරුවේ නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී සිදුව තිබෙනවා.

දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ නායක දෙපල එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව මෙම හමුවේ දී සඳහන් කර සිටියා.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුහුණු ශ්‍රමිකයින් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ද එහි දී ඉල්ලීමක් කර සිටියා.

කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නා.වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළ අතර,ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද රාජ්‍ය නායකයන් අතර කථාබහට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලයේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලයේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29
Video thumbnail
ආණ්ඩුවට රාජපක්ෂ භීතිය..රාජපක්ෂ භීතිය..2015ත් ඔය රංගනය තිබ්බනේ..ඕක අපිට ප්‍රශ්නයක් නෙවෙයි
01:20
Video thumbnail
මට මහින්ද ජයසිංහව ගෙදරින් යවන්න පුළුවන්
09:49
Video thumbnail
නාමල්, ශිරන්ති එළියට එනකල් බලන් ඉන්න 'පිං පොං' දසමහ යෝධයෝ ටික ගේමට බැහැලා ඉන්නේ
02:35
Video thumbnail
"තොත්තු දෙන, කවන ඒවා කරගන්න තැන් තියෙනවා " කථානායකට චාමරගෙන් සැර කතාවක්..
01:34
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි - ඔයාට පුළුවන්කමක් නෑ කිසිම තොරතුරක් හංඟන්න
17:06
Video thumbnail
දවස් 9ක් තිස්සේ උපවාසය කළ ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපතිව හමුවෙන්න යයි
01:33


?