ජනපති රනිල් මාලදිවයින් උප ජනපති හමුවෙයි (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාලදිවයින් උප ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද කථා බහකින් අනතුරුව නායකයන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සහාය වන ලෙස මෙහිදී මාලදිවයින් උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ දී මෙන්ම අධි සුඛෝපබෝගි සේවා භුක්තිවිඳින සංචාරකයන් මෙරටට ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි සහාය පිළිබඳව ද මාලදිවයින් උප ජනාධිපතිවරයා දැනුවත් කළේය.

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය සමඟ එක්වන ලෙස ද ජනාධිපතිවරයා මාලදිවයින් උප‍ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියන් සාගර කලාපයට බලපා ඇති මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳවත්, එය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරිම පිළිබඳවත් මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.

image
image 1
image 2
image 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00