පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයේ ආරම්භ වුණා.
එහිදී 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 6 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා භාර ගැනීම ආරම්භ කළා.
එහිදී ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කළ අතර එම යෝජනාව ජී.එල්. පීරිස් විසින් ස්ථිරකරනු ලැබුවා.
එමෙන්ම අනුප්‍රාප්තික ජනපති ධුරය සඳහා බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම, සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් ස්ථිර කළා.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නම අනුප්‍රාප්තික ජනපති ධුරය සඳහා යෝජනා කිරීම එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් සිදු කරනු ලැබුවා.
එම යෝජනාව ස්ථිරකරනු ලැබුවේ එම පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය විසින්.
අනතුරුව පාර්ලිමේන්තුව හෙට (20) පෙරවරු 10.00 දක්වා සභානායකවරයා විසින් කල්තබනු ලැබුවා.




