spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති දේශගුණික සෞභාග්‍ය සැලැස්ම හැදුවේ රටට බලපාන දේශගුණික ගැටළු කලින් හඳුනාගත් නිසා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” සකස් කළේ ගෝලීය ක්‍රියාකාරකම් හමුවේ අනාගතයේදී අප රටට බලපාන දේශගුණික ගැටළු කල්තියා හඳුනාගත් නිසා යැයි දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ දින දෙකක් පුරා පවතින මෙරට වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළ වැටීම පිළිබඳව අද (09) ජනාධිපති කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්ය.

දේශගුණික විපර්යාස රටේ ආර්ථිකයට සෘජුව බලපාන බවත් එම නිසා ජනාධිපතිතුමා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවේදි සාකච්ඡා කළ බවත් ඔහු පැවසුවා.

දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කිරීමට ද සැලසුම් කළේ මේ අනුව බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?