ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් අද (24) පවත්වා තිබෙනවා.
වර්තමානයේ දී මැදපෙරදිග උද්ඝතව තිබෙන තත්ත්වය සහ එයින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ඇති කරන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව නරේන්ද්‍ර මෝදි විසින් X ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබෙනවා.
කලාපීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා සමීප සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම මෙන්ම
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතියද පිළිබදව ද සමාලෝචනය කළ බව මෝදි විසින් නිකුත් කළ X ගිණුමේ සටහන්ව තිබු ණා.
අසල්වැසි සහ විශ්වාසනීය හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, පොදු අභියෝගවලට මුහුණ දීමට එකමුතුවෙන් කටයුතු කිරීමට තම කැපවීම යළි තහවුරු කළ බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙනවා.













