අද (06) පස්වරුවේ අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා හෙන තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පවතින ආපදා තත්ත්වය සහ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ අස්ගිරි මහා නා හිමියන්ව දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
ඉන් අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනු නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත වූ බවයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





