spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, පස්වරු 6.45 ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිත බවයි.

75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදු කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

අද පෙරවරුවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් පැවැති සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

“නමෝ නමෝ මාතා – සියවසට පියවරක්” යන තේමාව යටතේ යි ප්‍රධාන උත්සවය ගාලුමුවදොර පිටියේදී පැවැත් වුණේ.

දකුණු ආසියානු රටවල අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු දේශීය විදේශීය සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සැමරුම් උත්සවයට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?