AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිවරණය පැවැත්වෙන දිනය ගැන හරිම තීරණය අද

ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය පිළිබඳ ව අද (26) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඊයේ (25) මැතිවරණ කොමිෂන් සභාව රැස් ව සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියේ 2024 වර්ෂයට අදාළ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, එහි නාම යෝජනා භාර ගන්නා ආකාරය ඇතුළු සියලු ක්‍රියාපටිපාටීන් පිළිබඳ ව අද දිනයේ දී දැනුම්දෙන බවයි.

මෙම දැනුම්දීමට අදාළ වන අතිවිශේෂ ගැසට් නිවේදනය ද අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීමට සූදානමින් සිටිනවා.

මෙවන් පසුබිමකයි ඊයේ දිනයේ දී නිල වශයෙන් x සටහනක් තබමින් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා තමන් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ.

මීට අමතරව ජනාධිපති නීතිඥ ආචාර්‍ය විජේදාස රාජපක්ෂ ද ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස එක්වීමට නියමිත ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?