spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගෙන් මහනායක හිමිවරුන්ට ලිපියක්

රටේ පවතින වත්මන් තත්ත්වය සහ ඒ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් මහාචාර්යය කපිල ගුණවර්ධන මහතා විසින් අදාළ ලිපිය මහ නා හිමිවරුන් වෙත පිළිගන්වා ඇති බව වාර්තා වේ.

එම ලිපිය ඊයේ (24) දිනයේ මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් වෙත පිළිගැන්වු බව මහාචාර්යය කපිල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

පසුගිය 4 වනදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් රටේ පවතින තත්ත්වය සම්බධයෙන් සහ ඒ සඳහා වු යෝජනාවලියක් ඇතුළත් ලිපියක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?