spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජට්ස්කී පදිමින් සිටිය දී බොල්ගොඩ ගඟේ අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ

බොල්ගොඩ ගඟේ ජට්ස්කී බෝට්ටු පදිමින් සිටිය දී අනතුරකට ලක්ව ගඟට වැටී අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ සිරුර අද (25) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයා ගත්තේ පානදුර, දිග්ගල ශ්‍රීයා මාවතේ පදිංචිව සිටි හෙශාන් විතානගේ නැමැති 40 හැවිරිදි වියේ පසු වූ අවිවාහක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අද (25) උදෑසන බොල්ගොඩ ගඟේ ජට්ස්කී පදිමින් විනෝද වෙමින් සිටිය දී ගඟ හරහා දිවෙන පාළම් පාරුවේ ගැටගසා තිබූ කඹයේ ගැටී සිදු වූ අනතුරෙන් පසුව දියේ ගිලී අතුරුදන්ව තිබුණා.

අනතුරුව බෝට්ටු මඟින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළ අතර, පැය කිහිපයකට පසු ඔහුගේ සිරුර සොයාගැනීමට හැකිවූ බවයි වාර්තා වුණේ.

අනතුරුව ඔහුගේ සිරුර දිග්ගල තොටුපොළට රැගෙන විත් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?