ජගත් සංවිධාන සහකාර මහලේකම් ජනපති සහ අගමැති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය ඇතුළු නියෝජිත පිරිස අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක් කළ සහකාර මහලේකම්වරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අඛණ්ඩව ලබාදෙන බවටයි සහතික වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාවට දීර්ඝකාලීනව නැඟී සිටීමට සහ රටේ ඉදිරි ගමන තහවුරු කිරීම උදෙසා දුෂ්කර තීරණ ගැනීමට සිදුවන බව සහකාර මහලේකම්වරිය ඇතුළු නියෝජිත පිරිසෙහි පිළිගැනීම වුණා.

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු මෙරට දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සිදුකෙරෙන සාකච්ඡා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජිත පිරිස දැනුවත් කළ අතර එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශංසාව පළ කෙරුණා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56