spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජගත් සංවිධාන සහකාර මහලේකම් ජනපති සහ අගමැති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය ඇතුළු නියෝජිත පිරිස අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක් කළ සහකාර මහලේකම්වරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අඛණ්ඩව ලබාදෙන බවටයි සහතික වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාවට දීර්ඝකාලීනව නැඟී සිටීමට සහ රටේ ඉදිරි ගමන තහවුරු කිරීම උදෙසා දුෂ්කර තීරණ ගැනීමට සිදුවන බව සහකාර මහලේකම්වරිය ඇතුළු නියෝජිත පිරිසෙහි පිළිගැනීම වුණා.

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු මෙරට දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සිදුකෙරෙන සාකච්ඡා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජිත පිරිස දැනුවත් කළ අතර එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශංසාව පළ කෙරුණා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව ඇය සිය ප්‍රසාදය පළ කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?