spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජගත් පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

“ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාවයි.

පාරිසරික ගැටළු සම්බන්ධව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අරමුණින් 1972 වසරේ දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති ජාත්‍යන්තර පරිසර සමුළුවේදී ගන්නා තීරණයකට අනුව බිහිවූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමාරම්භක දිනය සැමරීම උදෙසා, සෑම වසරකම ජුනි මස 05වන දින ජගත් පරිසර දිනය වශයෙන් නම්කරනු ලැබුවා.

එක් එක් වර්ෂයන්හි දී විශේෂිත තේමා යටතේ ජගත් පරිසර දිනය සමරනු ලබනවා.

ඒ, අනුව මෙවර ජගත් පරිසර දිනය ලෝක ප්‍රජාවටම සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකා සැමරීමට අවස්ථාව උදාවනු ඇති.

මෙරට පරිසර දින උත්සවය කොළඹ – පිටකොටුව ප්‍රදේශයේ අද (05) උදෑසන සිට දහවල් දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?