ඡන්ද දිනය තීරණය කරන්න කොමිසම අද රැස්වෙයි – මැතිවරණයට අදාළ සියලු පාර්ශ්වයන්ටත් කැඳවීමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (07) දිනයේ රැස්වීමට නියමිතයි.

2023 වර්ෂයට අදාළ අයවැයෙන් මැතිවරණය කටයුතු සඳහා වෙන්කර ඇති මුදල් රඳවා තබා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ නීතිපතිවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර ඇති පසු බිමකයි මෙලෙස මැතිවරණ කොමිසම රැස්වන්නේ.

මේ අතර අද (07) දිනයේ දී පැවැත්වෙන විශේෂ සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පතිවරයා ඇතුළු මැතිවරණයට අදාළ සියලුම පාර්ශ්ව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විපක්ෂයේ නියෝජිතයින් අද (07) දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් හමුවීමට පැමිණෙන බව ලිපියක් මඟින් පසුගිය දා එම කොමිසමට දන්වා තිබුණා.

පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 20 වනදාට පෙර පැවැත්වීමට දිනයක් නියම කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යොමුකරමින් පසුගිය සති අන්තයේ අදාළ ලිපිය යොමුකරමින් ඉල්ලීමක් ද කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14