එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
සාමාන්‍ය නිවාඩු අඩු කිරීමකින් හෝ වැටුප් කප්පාදුවකින් තොරව එම නිවාඩු ලබාදිය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
ඇතැම් බැංකු සහ මූල්‍ය ආයතනවල සේවකයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදුනොවන බවට පැමිණිලි ලැබී ඇති බව ද එම කොමිසම පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1