spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චෙන්නායි හි දී ලෝක කුසලානයේ තවත් තරගයක් අද

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 11 වැනි තරගය අද පස්වරු 02 ට ආරම්භ වනවා.

ඒ බංග්ලාදේශය සහ නවසීලන්තය අතර චෙන්නායි ක්‍රීඩාංගණයේ දි යි.

මේ වනවිට පැවති තරග දෙක ම ජය ගනිමින් නවසීලන්තය ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ ද ඉදිරියෙන් පසුවනවා.

නවසීලන්තය හමුවේ පරාජයට පත් වූයේ එංගලන්තය සහ නෙදර්ලන්තයයි.

බංග්ලාදේශය මෙවර ලෝක කුසලානයේ මුහුණ දුන් තරග 02න් එකක් ජයගෙන තිබෙනවා.

ජය ගෙන ඇත්තේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයයි.

එංගලන්තය හමුවේ බංග්ලාදේශය පරාජයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?