spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චෙන්නායි සුපිරි තරුව අවසන් මහා තරගයෙන් පසු විශ්‍රාම යන බව දන්වයි

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) රාත්‍රියේ අහමදාබාද් නුවර දී ආරම්භවීමට නියමිතයි.

අද තරගය පැවැත්වෙන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පිහිටි ප්‍රදේශයට වර්ෂාව ඇතිවිය හැකි බව එරට කාලගුණ අංශ අනාවැකි පළකරනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වන අතර, වර්ෂාව හේතුවෙන් අද (28) දිනයේ තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් අතිරේක දිනයක් ලෙස යොදා ඇති හෙට (29) දිනයේ දී මෙම අවසන් මහා තරගය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර මෙම අවසන් මහා තරගයෙන් පසු තමන් විශ්‍රාම යන බව චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රවීණ ක්‍රීඩක අම්බති රයිදු ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සින් දෝණිගේ 250 වන අයි.පී.එල් තරගය ද මෙය වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
5
+1
4
+1
10
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?