ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළේ දී මගී කාන්තාවකගේ ගමන් මළු තුළ සිටි විවිධ වර්ගයේ සර්පයින් 22 දෙනෙකු සොයාගෙන තිබෙනවා.
මැලේසියාවේ සිට චෙන්නායි වෙත පැමිණි කාන්තා මගියෙකුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී මෙම සර්පයින් හමුව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ කාන්තාව විසින් මෙම සර්පයින් ප්ලාස්ටික් බහාලුම් කිහිපයක ගබඩාකර මෙලෙස රැගෙන ඇවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඉන්දීය රේගු සහ වන ජීවී ආරක්ෂණ පනත් යටතේ රේගු නිලධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
