චීන බැලූනයට ඇමරිකාවෙන් වෙඩි

චීනය ඔත්තු බැලීම සඳහා ගුවන් ගත කළ එකක් බවට චෝදනා එල්ල වූ අත්ලාන්තික් සාගරයට ඉහළින් අහසේ තිබූ බැලූනය ඇමෙරිකානු හමුදාව විසින් වෙඩි බිම හෙලනු ලැබූ බව එරට ආරක්ෂක අංශ පවසනවා.

චීනය විසින් ගුවන් ගත කරනු ලැබූ බැලූනය මෙම සතිය මුලදී අමෙරිකාවේ, මොන්ටානාහි අහසේ ප්‍රථම වරට දක්නට ලැබුණා.

සුළං තත්ත්වය අනුව එම බැලුනය අමෙරිකාව මැදින් ඉහළ අහසේ පාවෙමින් එරට නැගෙනහිර වෙරළ තීරයට ඊයේ සවස වන විට ළඟා වූ බවයි එරට බලධාරින් සඳහන් කළේ.

මෙම චීන බැලූනයට වෙඩි තබා බිම හෙළීමට පෙර අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ගුවන් තොටුපොළවල් කිහිපයක ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම ද අත්හිටවනු ලැබූවා.

මෙම චීන බැලුනය සාමාන්‍ය බස්රථ 03 ක ප්‍රමාණයට සමාන විශාලත්වයෙන් යුක්ත වූ අතර එය අහසේ අඩි 60,000ක් පමණ ඉහළින් පාවෙමින් තිබු බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කලේ.

අදාළ බැලුනය චීනය විසින් ඔත්තු බැලීම සඳහා යොදා ගනු ලබන එකක් බවට අමෙරිකාව සැක පළ කරනු ලැබූ අතර චීනය සඳහන් කලේ කාලගුණ තොරතුරු ලබා ගැනීමට ඔවුන් එය යොදා ගන්නා බවයි.

ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කළේ ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා විසින් එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළ දී බැලූනය බිම හෙළූ බවයි.

සෙනසුරාදා හමුදාව විසින් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමඟ උතුරු සහ දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් ගුවන් තොටුපළ තුනක් වසා දමා ගුවන් අවකාශය වසා දැමුවා.

කුඩා පිපිරීමකින් පසු බැලූනය මුහුදට වැටෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආරක්ෂක නිලධාරීන් එක්සත් ජනපද මාධ්‍ය වෙත පැවසුවේ බැලුනයේ සුන්බුන් දකුණු කැරොලිනාවේ මර්ටල් වෙරළ ආසන්නයේ නොගැඹුරු අඩි 47 (මීටර් 14)ක පමණ ගැඹුරකින් යුත් ජලයට කඩා වැටී ඇති බවයි.

සැතපුම් හතක් (කිලෝමීටර් 11ක්) පුරා පැතිරී ඇති සුන්බුන් සොයා ගැනීමට හමුදාව දැන් උත්සාහ කරමින් සිටිනවා.

මෙම බැලූනය ඇමරිකා අහසේ දර්ශනය වීම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට තුඩු දුන් අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙම සති අන්තයේ සූදානම් කර තිබූ චීන සංචාරය ද වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21