චීන බැලූනයට ඇමරිකාවෙන් වෙඩි

චීනය ඔත්තු බැලීම සඳහා ගුවන් ගත කළ එකක් බවට චෝදනා එල්ල වූ අත්ලාන්තික් සාගරයට ඉහළින් අහසේ තිබූ බැලූනය ඇමෙරිකානු හමුදාව විසින් වෙඩි බිම හෙලනු ලැබූ බව එරට ආරක්ෂක අංශ පවසනවා.

චීනය විසින් ගුවන් ගත කරනු ලැබූ බැලූනය මෙම සතිය මුලදී අමෙරිකාවේ, මොන්ටානාහි අහසේ ප්‍රථම වරට දක්නට ලැබුණා.

සුළං තත්ත්වය අනුව එම බැලුනය අමෙරිකාව මැදින් ඉහළ අහසේ පාවෙමින් එරට නැගෙනහිර වෙරළ තීරයට ඊයේ සවස වන විට ළඟා වූ බවයි එරට බලධාරින් සඳහන් කළේ.

මෙම චීන බැලූනයට වෙඩි තබා බිම හෙළීමට පෙර අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ගුවන් තොටුපොළවල් කිහිපයක ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම ද අත්හිටවනු ලැබූවා.

මෙම චීන බැලුනය සාමාන්‍ය බස්රථ 03 ක ප්‍රමාණයට සමාන විශාලත්වයෙන් යුක්ත වූ අතර එය අහසේ අඩි 60,000ක් පමණ ඉහළින් පාවෙමින් තිබු බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කලේ.

අදාළ බැලුනය චීනය විසින් ඔත්තු බැලීම සඳහා යොදා ගනු ලබන එකක් බවට අමෙරිකාව සැක පළ කරනු ලැබූ අතර චීනය සඳහන් කලේ කාලගුණ තොරතුරු ලබා ගැනීමට ඔවුන් එය යොදා ගන්නා බවයි.

ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කළේ ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා විසින් එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළ දී බැලූනය බිම හෙළූ බවයි.

සෙනසුරාදා හමුදාව විසින් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමඟ උතුරු සහ දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් ගුවන් තොටුපළ තුනක් වසා දමා ගුවන් අවකාශය වසා දැමුවා.

කුඩා පිපිරීමකින් පසු බැලූනය මුහුදට වැටෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආරක්ෂක නිලධාරීන් එක්සත් ජනපද මාධ්‍ය වෙත පැවසුවේ බැලුනයේ සුන්බුන් දකුණු කැරොලිනාවේ මර්ටල් වෙරළ ආසන්නයේ නොගැඹුරු අඩි 47 (මීටර් 14)ක පමණ ගැඹුරකින් යුත් ජලයට කඩා වැටී ඇති බවයි.

සැතපුම් හතක් (කිලෝමීටර් 11ක්) පුරා පැතිරී ඇති සුන්බුන් සොයා ගැනීමට හමුදාව දැන් උත්සාහ කරමින් සිටිනවා.

මෙම බැලූනය ඇමරිකා අහසේ දර්ශනය වීම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට තුඩු දුන් අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙම සති අන්තයේ සූදානම් කර තිබූ චීන සංචාරය ද වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?