AFC Banner
Empty Ad
Empty Ad

චීන පොහොර නැවට වන්දි ගෙවන්න රජය සුදානම් වෙයි

චීනයේ සිට මෙරටට පොහොර තොගයක් රැගෙන ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන නෞකාවේ පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර ඇත්තේ අදාල පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා එම ගැටලුව විසඳීමට සූදානම් බවයි.

මෙම පොහොර ප‍්‍රශනය හේතුවෙන් චීනය සමඟ රාජතාන්ත්‍රික ගැටළුවක් ඇති කරගැනීමට අවශ්‍යතාවයක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව මෙය මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?