චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ අලුතින් පත් වූ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao ඊයේ (15) නියෝජ්‍ය ආරක්ෂක ‍අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර හමු වුණා.

මෙම සාකච්ඡාව අතරතුර, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ චීන ආරක්ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත් වුණා.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි පුහුණු කටයුතු සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් චීනය ලබා දෙන දිගුකාලීන ආරක්ෂක සහයෝගීතාව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කළා.

ශ්‍රී ලංකා හමුදාව ගොඩබිම් ආරක්ෂක ක්‍රියාන්විතවලට පමණක් සීමා නොවී, මුහුදු සීමා ආරක්ෂක කටයුතු පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බව පෙන්වා දුන් ඔහු, රටේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය උදෙසා වන කැපවීම ද යළිත් සහතික කරනු ලැබුවා.

මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ආයුධ වෙළඳාම සහ තැනැත්තන් වෙළඳාම මැඩපැවැත්වීම සඳහා වන සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම මෙන්ම, උසස් තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ ආපදා කළමනාකරණය ඇතුළු අනාගත සහයෝගීතාවන් සඳහා වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව දෙපාර්ශවයම මෙහිදී සාකච්ඡා කළා.

චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක සහ නාවික ආරක්ෂක උපදේශක ද මෙම අවස්ථාවට සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42