චීනය තම රටෙහි මුස්ලිම්වරුන් මර්දනය කරමින් පකිස්ථාන ත්‍රස්තවාදීන්ට උදව් කරන බවට චෝදනාවක්

චීනය තුළ ඉස්ලාමය මර්දනය කරන අතරම හෝ එය තුරන් කිරීමට පවා උත්සාහ කරන අතරතුර, එරට ජනාධිපති ෂී ජින්පින් පාකිස්ථානයේ ඉන්දියාවට එරෙහි ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට සහය දක්වන බවට චෝදනා එල්ල වනවා.

සැමුවෙල් බේයිඩ් නම් ලේඛකයා සිය වාර්තාවකින් දක්වා තිබුණේ ජනාධිපති ෂී, මුස්ලිම් සංඥා, සිරිත් විරිත් සහ ආහාර සඳහා ඔහුගේ ඇති පිළිකුල නොසඟවන බවයි.

ෂින්ජියැන්ග් විද්‍යාගාරයක් බවට පත් වී බවත් එහි උයිගුර් මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ඉස්ලාමීය සංස්කෘතිය සහ එහි භාවිතයන් සහ සිරිත් විරිත් අමතක කර කොමියුනිස්ට් සංස්කෘතිය සහ ඉතිහාසය ඉගෙන ගැනීමට සලස්වා ඇති බවටත් ඔහු චෝදනා කරනවා.

එහි සාර්ථකත්වය යන්නෙන් අදහස් වන්නේ මෙම පළාතේ ඉස්ලාමයේ අවසානය යන්න බව ඔහුගේ අදහසයි.

මුස්ලිම් පල්ලි උඩ ගෝලාකාර අනුරුව, මුස්ලිම්වරුන්ගේ හිසෙහි යාඥා තොප්පි, මුහුණේ රැවුල දැකීමට ෂී කැමති නැති බවයි ලේඛකයා පවසන්නේ.

මුස්ලිම් අය ඌරු මස් කන්නේ නැහැ කියලා අහන්නවත් එයා කැමති නැහැ. හලාල් මස් සඳහා මුස්ලිම්වරුන්ගේ බල කිරීම ඔහු විහිළුවට ලක්කරනවා. 

“දෙවියන් නැති කොමියුනිස්ට් රටක් නිසා රට තුළ ආගමික නිදහස ලබා දෙන බවට චීනය ලෝකය හමුවේ දොඩන පුරසාරම්වලට මෙම නියෝග පටහැනියි”යනුවෙන් ඔහු ප්‍රකාශ කරනවා.

චීනයේ හුයි මුස්ලිම්වරු කෝටියක් පමණ සිටින අතර ඔවුන්ගෙන් විශාලතම සංඛ්‍යාව වන ලක්ෂ හතක් ජීවත් වන්නේ චීනයේ නිරිතදිග යුනාන් පළාතේයි.

ජනාධිපති ෂී තම රටේ මුස්ලිම්වරුන් සහ පාකිස්ථානයේ මුස්ලිම්වරුන් කෙරෙහි දක්වන ආකල්පය දෙබිඩි බව ලේඛකයාගේ මතයයි.

ඔහු තම මුදල් බලයෙන් මුස්ලිම් රටවලට ඒත්තු ගන්වා ඇත්තේ ෂින්ජියැං හි උයිගර් මුස්ලිම්වරුන්ගේ කඳවුරු ඇත්තේ ත්‍රස්තවාදයෙන් මිදීමට බවයි.

එහෙත් කඳවුරු තුළ සම්පූර්ණ වැඩසටහන සැලසුම් කර ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට නොව මුස්ලිම් රැඳවියන් ඉස්ලාම් සහ එහි ක්‍රියාවන්ගෙන් වැළැක්වීමට බව පිළිගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කරනවා.

ෂීගේ රජයට අවශ්‍ය වන්නේ පකිස්ථාන  ඉස්ලාම්වාදීන්ගේ හොඳ පොත්වල සිටීමට බවයි ලේඛකයා පවසන්නේ.

හෆීස් සයීඩ්ගේ ජමාත්-උද්-දාවා හැර ඔවුන් කිසිවෙක් ෂින්ජියැන්ග්හි කඳවුරු බැඳගත් මුස්ලිම්වරුන්ට අනුකම්පා කර නොමැති බවත් ඊට පටහැනිව, පකිස්ථානයේ ඉහළම මූලධර්මවාදී පක්ෂය වන ජමාත්-ඉ-ඉස්ලාමි චීන ජනාධිපති ෂීගේ පරිපාලනය සමඟ හොඳ සබඳතා පවත්වන බවත් ලේඛකයා පෙන්වා දෙනවා.

“පකිස්ථාන  මූලධර්මවාදීන් චීනයට ආදරය කිරීමට හේතුව ඉන්දියාව කෙරෙහි දක්වන සතුරුකමයි. එබැවින්, 2008 මුම්බායි හි සංහාරය සංවිධානය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළ හෆීස් සයීඩ් සහ ඔහුගේ සහචරයා බේරාගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන් චීනයට කෘතඥ වෙනවා. ජයිෂ්-ඊ-මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කිරීමෙන් බේරා ගැනීමට ද චීනය  උත්සාහ කර තිබුණා” යැයි ලේඛකයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40