spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීනයේ ජිම් එකක සිවිලිමක් කඩා වැටී දසදෙනෙකු ජීවිතක්ෂයට

ඊසානදිග චීනයේ හයිලොන්ජියැන්ග් පළාතේ පාසලක කාය වර්ධන කටයුතු සඳහා වෙන්ව තිබූ ස්ථානයක සිවිලිම කඩා වැටීමෙන් පුද්ගලයින් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එම ගොඩනැගිල්ලේ වහලයත් සිවිලිමත් අතර ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් එළනු ලැබූ වීදුරු ආවරණයක් ප්‍රසාරණය වී මෙලෙස සිවිලිමත් සමඟ කඩා වැටී ඇති බවයි ආරක්ෂක අංශ සදහන් කළේ.

ගලවා ගැනීමේ කණ්ඩායම්වල සාමාජිකයින් ප්‍රකාශ කළ අන්දමට, ව්‍යායාම ශාලාවේ සිවිලිම සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, එම ස්ථානය වර්ග මීටර් 1,200ක පමණ ප්‍රදේශයක් ආවරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
5
+1
17
+1
11
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?