ඩොරති ස්ට්‍රැටන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ සේවය කරන සාමාන්‍ය 18 හැවිරිදි සුරූපී තරුණියකි.දිනක් ඇය සේවයට යන එන අතර ඈ සමඟ තරුණයෙකු ඇඟෑළුම් පාන්නට විය.මේ තරුණයා නමින් පෝල් ස්නයිඩර් වේ.දෙදෙනා අතර අරඹුණු හිතවත්කම ප්‍රේම සම්බන්ධයක් දක්වා දුර දිග යන්නට විය.පෝල් ඔහුගේ ප්‍රේමනීය වචන වලින් ඇයව සියලු දේ වෙත පොළඹවා ගන්නට වෙර දැරීය.
ස්ට්‍රැටන් දක්ෂටා රැසක් ඇති සුරූපිනියකි.ඇගේ රූමත්කම සහ ඇය සතු දක්ශතා නිසා ඇය සිනමාවට වැඩි ලැදියාවක් දැක්වූ අතර ඇය දිනෙක අනිවාරෙන්ම සුපිරි තරුවක් වන බවට ලක්ෂණ කල් තියාම පැහැදිලි විය.මෙහි ප්‍රතුඵලයක් ලෙස ස්නයිඩර් ස්ට්‍රැටන්ව නිරූපණ ක්ෂේත්‍රයට යොමු කිරීමට පෝල් නොසෑහෙන්න උත්සාහා දැරීය.ඇයව නිරූපන ක්ශේත්‍රයට ඇතුල් කිරීම සඳහා ප්ලේබෝයි විසින් ඇයව ලොස් ඇන්ජලීස් වෙත පදිංචියට යාමට පවා ඇයව පොළඹවා ගත්තේය.
මෙහි යටි අරමුණ වූයේ ඇයගෙන් මුදල් ඉපයීමය. ස්නයිඩර් මේ සියල්ල හිර රහසේම සැලසුම් කළේ මුදල් වලට ඇති අධික කෑදරකම නිසාය.
මේ අතර නිරූපන ක්ශේත්‍රයේ තරුවක් වුණු ස්ට්‍රැටන්ගේ හැකියාවන් දැක හියු හෙෆ්නර් නම් තරඟ විනිශ්චයකරු විසින් ස්ට්‍රැටන් මීළඟ මර්ලින් මොන්රෝ වනු ඇතැයි අනාවැකි පළ කළේය.ඒ අනාවැකියේ ප්‍රතිඵලයක් ලෙසට ස්ට්‍රැටන් සිනමාවට ඇතුළු විය.
ස්ට්‍රැටන් මුලින්ම ප්ලේබෝයි චිත්‍රපටයේ මිස් අගෝස්තු 1979 ගේ චරිතයට පෙනී සිටි අතර පසුව බක් රොජර්ස්, ෆැන්ටසි අයිලන්ඩ් සහ ගැලක්සිනා වැනි චිත්‍රපටවල රඟපෑවේ සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කරමිනි.
මේ සියල්ල හමුවේ ස්ට්‍රැටන් හොලිවුඩයේ වේගයෙන් ඉහළ යමින් සිටියේය. ඇය ඒ වන විටත් පුවත්පත් විසින් “නව දශකයේ දේවතාවියන් කිහිප දෙනාගෙන් කෙනෙක්” ලෙස නම් කර ඇත.ඇයට හිමිවූයේ විශාල ආකර්ෂණයකි.
මීළඟ චිත්‍රපටයේ ඔඩ්‍රි හෙප්බර්න් සමඟ ස්ට්‍රැටන් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී.ඇයට තිබුණු ආකර්ෂණය හා ඇගේ සුරූපීබව නිසාම ඇය නිව් යෝර්ක් හි රූගත කිරීම් අතරතුර චිත්‍රපටයේ අධ්‍යක්ෂ පීටර් බොග්ඩනොවිච් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තාය.
මේ පෙම් පලහිලව්ව නොසෑහෙන්න දුර දිග ගිය අතර දිනෙන් දින වෙනස් වෙන ස්ට්‍රැටන් ගැන පෝල්ට සැක මතුවිය.ඇය පෝල් වෙත වෙනදා මෙන් ආකර්ෂණය වුයේ නැත.
රූගත කිරීම් වලට සහභාගී වී නිවසට පැමිණෙන ස්ට්‍රැටන් ඔහේ කාලය ගත කරමින් නින්දට යන්නේ පෝල් ගැන වගේ වගක් නොමැතිවය.මේ සියල්ල දෙස අවධානයෙන් බලා සිටි පෝල් ඇය පසුපස යාමට පුද්ගලික කුලීකරුවෙක් කුලියට ගත්තේය.
කාලය ගතවීමත් සමඟ ස්ට්‍රැටන්ට පෝල්ව එපා වීමේ මට්ටම තිව්‍රර විය.ඇය මේ ගැන කල්පනා කොට තම සැමියා පෝල්ට සියල්ල හෙළි කරන බවට එකඟතාවක් තමා විසින්ම ඇති කර ගත්තාය.
අවසානයේදී ඇය තම සැමියාට සත්‍ය හෙළි කළාය.ඇය තම අධ්‍යක්ෂකවරයා සමඟ සම්බන්ධකමක් ඇතිකර ගත් බවත් එය දුරදිග ගොස් ඇති බවත් ඔහු සමඟ ආදරයෙන් බැඳී සිටින බවත් කියා සිටි අතර තමාට දික්කසාද වීමට අවශ්‍ය බව කියා සිටියාය.
සියල්ල නිහඬව සාවදානව අසා සිටි ස්නයිඩර් අඩුම තරමින් වචනයක්වත් ඇය ඉදිරියේ කතා කළේ නැත.දුක කළකිරීම සමඟ පළිගැනීම පෝල්ගේ සිතේ ගිගුම් දෙන්නට විය.
එතැන් පටන් ඔහු තුවක්කු ගැන සහ දඩයම් කිරීම පිළිබඳව අසාමාන්‍ය ය උනන්දුවක් ඇති කර ගත්තේය.මිනුම් දොළොස් තුවක්කුවක් මිල දී ගෙන, වෙඩි තැබීමේ පාඨමාලා කිහිපයක් හැදාරන්නට විය.
කාලය කෙමෙන් ගත්විය. 1980 අගෝස්තු 14 වැනි දින පෝල් ස්නයිඩර්ගේ නිවසට ස්ට්‍රැටන් පැමිණියේ දික්කසාදයේදී ඇය ඔහුට පොරොන්දු වූ දේපොළ සමථයකට පත් කර ගැනීම සඳහාය.
සිදුවූයේ දරුණු විනාශයකි.පෝල් ස්නයිඩර් විසින් එකවරම ස්ට්‍රැටන්ගේ ඇසට 12-ආර තුවක්කුවකින් වෙඩි තබා ඇයව මරා දැමීය.පසුව ඔහු තම මියගිය බිරිඳගේ සිරුර දූෂණය කිරීමෙන් පසු තුවක්කුව තමා වෙතට හරවා ගෙන වෙඩි තබා ගත්තේය.
ස්ට්‍රැටන් විශාල ආකර්ෂණයක් සහිත හොලිවුඩ් තරුවක් වීමට සූදානමින් සිටි දක්ෂ තරුවකි.නමුත් දෛවයේ සරදමින් ඇයට ඇගේ සිහිනය බොඳ කර ගැනීමට සිදුවිය.ඇය ඇගේ ජීවිතයෙන් වන්දි ගෙවූවා පමණක් නොව හොලිවුඩ් තරුවක් වීමට සිටි ඇය අද වනවිට නම සුප්‍රසිද්ධ කරගත්තේ ඝාතනයකටය.එය සදහටම එසේමය
-සචිනි සත්සරණි ප්‍රේමරත්න-