ගෝල්ෆේස් වෙරළේ අවසන් ගමන් ගිය පාසල් සිසුවා

ගාලු මුවදොර මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලීමෙන් ඊයේ (07) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පාසල් ළමුන් සිව්දෙනෙක් ඊයේ (07) පස්වරුවේ ගාලු මුවදොර මුහුදු ප්‍රදේශයේ දිය නෑමට පැමිණ ඇති අතර ඉන් එක සිසුවෙක් ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මිය ගිය සිසුවාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.