ගෝඨාභය රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලු දේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පවුලේ පිරිසක් විදෙස්ගත වු අතර ගෝඨාභය රාජපක්ෂ ජනවාරි 6 වැනි දා නැවත ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. කෙසේ වෙතත් මේවන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ගැනීම සඳහා නැවත ඉල්ලුම් කර ඇති බව වාර්තා වනවා.

හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය ඒ බව වාර්තා කර තිබූ අතර මේ වන විට හිටපු ජනපතිවරයා රැඳී සිටින්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ යි.

කෙසේ වෙතත් හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවියේ පළ වූ මෙම පුවත හිටපු ජනපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි