ගොවීන්ට පොහොර ගන්නත් ඇප් එකක්

2022 / 23 මාස් කන්නයේ බඩඉරිඟු වගා කරන සියලු ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවීන් ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි කිරීම සඳහා විශේෂ යෙදවුමක් සකස් කර තිබෙනවා.

යල කන්නයේ වී වගා කළ ගොවින්ට යුරියා පොහොර ලබා දුන් මිලටම එනම්- කිලෝ ග්‍රෑම් 50ක යුරියා මිටියක් රුපියල් 10,000ක මිලට බඩඉරිඟු ගොවීන්ට ද පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති බවයි පැවසෙන්නේ. මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන්ට කිසිදු ප්‍රමාදයකින් හා ගැටළුවකින් තොරව යුරියා පොහොර ලබා දීම මෙහි අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?