ගොවියාට සාධාරණ මිලක් දෙන්න නුවරඑළියට අලුතින් එළවළු එකතු කිරීමේ මධ්‍යස්ථානයක්

ගොවීන්ගෙන් සෘජුවම එළවළු මිලදී ගෙන සාධාරණ මිලක් සහතික කිරීමේ අරමුණින් නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ නව එළවළු තොග එකතු කිරීමේ මධ්‍යස්ථානයක් අද (16) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ නන්දන බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

මෙරට උඩරට එළවළු වෙළෙඳාමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ
බොහෝ ප්‍රදේශ වෙත අර්තාපල්, කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි, බීට් ඇතුළු එළවළු විශේෂ රැසක් බෙදාහැරෙන අතර, එහි තීරණය වන තොග මිල ගණන් ජාතික වෙළෙඳපොළට ද සෘජුව බලපානවා.

කෙසේ වෙතත්, ආර්ථික මධ්‍යස්ථානය ආරම්භ වූ දා සිට ගොවි සංවිධාන විසින් මිල තීරණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විවිධ අවස්ථාවලදී විවේචන හා දැඩි විරෝධයන් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ මිල දර්ශකයේ ප්‍රකාශිත මිලට වඩා අඩු මිලකට ගොවීන්ගෙන් එළවළු මිලදී ගෙන පසුව ඉහළ මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීම හේතුවෙන් අතරමැදි වෙළෙඳුන්ට වැඩි වාසියක් හිමිවන අතර ගොවියාට නිෂ්පාදන
වියදමවත් ආවරණය කර ගැනීමට අපහසු තත්ත්වයන් උද්ගත වූ බවයි.

එමෙන්ම උඩරට එළවළු මිල තීරණය කිරීමේ බලය වෙළෙඳුන් සීමිත පිරිසක් අතට පත්වීම හේතුවෙන් මිල විචල්‍යතාවන් ඇති වූ බවට ද ගොවි නියෝජිතයෝ චෝදනා කරනවා.

ඇතැම් කාලවලදී විශාල පරිමාණ නිෂ්පාදකයන් හා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන්ගේ අස්වනු නෙළන සමයේ මිල ඉහළ මට්ටමක පවත්වාගෙන ගොස්, පසුව එය සීඝ්‍රයෙන් පහත හෙළන ක්‍රමවේද ක්‍රියාත්මක වූ බවට ද ඔවුන් සඳහන් කරනවා.

මෙම තත්ත්වයට විකල්පයක් ලෙස ආරම්භ කර ඇති නව තොග එකතු කිරීමේ මධ්‍යස්ථානය මඟින් ගොවීන්ගෙන් සෘජුවම එළවළු මිලදී ගැනීම, විනිවිදභාවයෙන් යුතු මිල ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම, අතරමැදි පාර්ශ්ව මත රඳා පැවැත්ම අවම කිරීම සහ ගොවියාට ලැබෙන ආදායම ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කරන බව සංවිධායකයෝ පවසා සිටියා.

  1. ආණ්ඩුව ඉල්ලන් කන්න හදන්නේ. උන්ට විකුණා ගන්න දීලා පැත්තකට වෙලා ඉන්න. ඊට පස්සේ එලවලු වලටත් මිල වැඩිකරන්න කියලා උද්ඝෝෂණය කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46