ඕමානයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී විවිධ හිංසනවලට ලක් වී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 16 දෙනෙකු නැවත දිවයිනට පැමිණ තිබෙනවා.
මොවුන් සංචාරක වීසා යටතේ මෙරට රැකියා නියෝජිතයන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙන ගොස් එතැන් සිට ගොඩ බිම් මාර්ග ඔස්සේ ඕමානය වෙත රැගෙන ගොස් තිබූ බව සඳහන්.
ඉන්පසු ඔවුන් ඕමානයේ ගෘහ සේවයේදී හාම්පුතුන් අතින් ලිංගික හිරිහැර, පහරදීම්, පිළිස්සීම්, වැටුප් නොගෙවීම ආදී කරුණු රැසක් මත එම නිවෙස්වලින් බේරී පැන විත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂාව පතා තිබුණා.
මෙම ගෘහ සේවිකාවන් රත්නපුර, බදුල්ල, මහනුවර, කුරුණෑගල, හලාවත, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ වල පදිංචිකාරිනියන් බව සඳහන්.
මෙලෙස විවිධ අතවරවලට ලක් වූ තවත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු තවදුරටත් ඕමානයේ සුරක්ෂාල රැදවුම් මධ්‍යස්ථානයේ සිටින අතර ඔවුන් මේ මස අවසාන වනවිට තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට එවීමට නියමිතයි.














