ගූගල් සමාගමෙන් තරුණ අධ්‍යාපනයට අත්වැළක්

ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයුම් සහ අධ්‍යාපන කටයුතු සඳහා Google Classroom හා Google Workplace යෙදවුම් නොමිලේ භාවිතයට ලබා දීම පිළිබද ගිවිසුම ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා සහ ගූගල් සමාගම වෙනුවෙන් ගූගල් ප්‍රිමියර් හවුල්කරු ෆයින්ටෙච් උපදේශන සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සුජාතා නඩේෂන් මහත්මිය අත්සන් තැබිණි.

මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ගූගල් ප්‍රිමියර් හවුල්කරු ෆයින්ටෙච් උපදේශන සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී කලෙහාන් පුල්ලේ මහතා, SMB ශ්‍රී ලංකා හා මාලදිවයින් රාජ්‍ය ප්‍රධානී විකුණුම් කළමණාකරු ශිහාරා මොහොමඩ් මහත්මිය, SMB ශ්‍රී ලංකා හා මාලදිවයින් රාජ්‍ය ප්‍රධානී ගිණුම් කළමනාකරු යසිරු පීරිස් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?