ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේ දී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
දෙවන ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් මෙලෙස අනතුරට ලක්ව විනාශ වී ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.
යානා දෙක ගැටී අනතුරට ලක්වන අවස්ථාවේ දී එම යාන දෙක තුළ පුද්ගලයින් 06 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.
බෝයිං බී-17 සහ බෙල් පී-63 යානා දෙකක් මෙසේ ගැටී ඇති බවයි වාර්තා වුණේ.













