ගුවන් ටිකට්පත්වල මිල පහළට

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල පහළ යාමට සමානුපාතිකව ගුවන් ටිකට්පත්වල මිල ද සියයට 20කින් පමණ අඩුවී ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඩොලරයේ මිල අඩුවීම හේතුවෙන් ගුවන් ටිකට්පත්වල මිල ගණන් අඩු කරන ලෙසට තමා ශ්‍රී ලංකාවේ සිටින ගුවන් සේවා සමාගම් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව ඉදිරියේදී ගුවන් ටිකට්පත්වල මිල තවදුරටත් අඩු කිරීමට ඔවුන් පොරොන්දු වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගුවන්සේවා සමාගම්වල නියෝජිතයින් සමඟ පසුගියදා පැවති සාකාච්ඡාවකදී අදහස් දක්වමින්.

රටේ පවතින ආර්ථික අර්බුදය ක්‍රමයෙන් අඩු වීමත් සමඟම විශාල සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති අතර, ඒ අනුව නව ගුවන් සේවා 7ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද මෙහිදී හෙළි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22