spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් ටිකට්පත්වල මිල පහළට

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල පහළ යාමට සමානුපාතිකව ගුවන් ටිකට්පත්වල මිල ද සියයට 20කින් පමණ අඩුවී ඇතැයි වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඩොලරයේ මිල අඩුවීම හේතුවෙන් ගුවන් ටිකට්පත්වල මිල ගණන් අඩු කරන ලෙසට තමා ශ්‍රී ලංකාවේ සිටින ගුවන් සේවා සමාගම් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව ඉදිරියේදී ගුවන් ටිකට්පත්වල මිල තවදුරටත් අඩු කිරීමට ඔවුන් පොරොන්දු වූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගුවන්සේවා සමාගම්වල නියෝජිතයින් සමඟ පසුගියදා පැවති සාකාච්ඡාවකදී අදහස් දක්වමින්.

රටේ පවතින ආර්ථික අර්බුදය ක්‍රමයෙන් අඩු වීමත් සමඟම විශාල සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇති අතර, ඒ අනුව නව ගුවන් සේවා 7ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද මෙහිදී හෙළි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?