spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුරුවරයෙක්ගෙන් පහර කෑ සිසුවෙක් රෝහලට

වෑවිට මෛත්‍රී මහ විද්‍යාලයේ ඊයේ (04) දිනයේ පැවැත්වූ නිවාසන්තර ක්‍රීඩා උත්සවයේදී එහි ගුරුවරයෙක් විසින් සිසුවෙක්ට පහරදී ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසනවා.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, මෛත්‍රී මහා විද්‍යාලයේ 11ශේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙක්.

ක්‍රීඩා උත්සවය අවස්ථාවේදී එම විද්‍යාලයේ විද්‍යා විෂය උගන්වන ගුරුවරයා විසින් සිසුවාගේ කනට තම මව ඉදිරිපිටදීම පහරදුන් බවත් එම පහරදීමෙන් සිසුවාගේ මුඛය හා කන රිදෙන බවට පවසා සිසුවාගේ දෙමාපියන් විසින් සිසුවා
ගෝනදූව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (05) උදෑසන පානදුර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ළමුන් දෙදෙනෙක් අතර ඇතිවූ ආරවුලක් අසල මෙම සිසුවා සිට ඇති අතර ගුරුවරයා මෙම සිසුවා ළඟට පැමිණ කන ප්‍රදේශයට පහරක් එල්ල කර පසුව පහර කෑමට ලක් වූ සිසුවා එම ආරවුලට සම්බන්ධ නැති බව පවසා තිබෙනවා.

ඒ අසල සිටි ආරවුල ඇතිකරගත් සිසුවා ගුරුවරයාට පවසා ඇත්තේ, තමා සිසුවාට පහර දුන් බව හා වරද පිළිගන්නා බවයි.

නැවත වාරයක් මෙම ගුරුවරයා පහර කෑමට ලක්වූ සිසුවාට කන ප්‍රදේශයට පහරක් එල්ල කර මේ වැරදිවලට නෙමෙයි පෙර වැරදිවලට ගැහුවේ යයි පවසා තිබෙනවා.

සිසුවාගේ මව විසින් පහරදීමෙන් පසු ඒ පිළිබඳව ගුරුවරයාගෙන් විමසූ අවස්ථාවේ දී පවසා ඇත්තේ, පෙර වැරදි ඇති බවයි. පෙර වැරදි මොනවාදැයි විමසූ විට ගුරුවරයා පවසා ඇත්තේ කලිසම කොටයි,රැවුල කපල නෑ යනුවෙනි.

පහර කෑමට ලක් සිසුවාට ඊට දින තුනකට ඉහතදී ද ගුරුවරයා කකුලට පහර දී ඇතැයි සිසුවා මවට පවසා තිබෙනවා.

බණ්ඩාරගම පොලිස් ස්ථානය මගින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?