ගිලන් රථයක් බිළිගත් පාපැදිකරු

හලාවත – කුරුණෑගල මාර්ගයේ පුලියන්කඩවර ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල දෙසට ධාවනය වූ ගිලන් රථයක් මාර්ගය හරහා පාපැදියක් තල්ලුකරගෙන යමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරට ලක්වූ පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ මුගුණුවටවන – කොක්කාවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි වියේ පසුවන අයෙක් බව සඳහන්.

බිංගිරිය ප්‍රාදේශීය රෝහලට අයත් ගිලන් රථය එම රෝහලේ සිටි රෝගියෙකු හලාවත මහා රෝහලට ගෙනවිත් භාර දී යළි බිංගිරිය බලා ගමන් කරමින් සිටින අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් ගිලන් රථයේ රියදුරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11