ගිනි තැබූ බව කියන මන්ත්‍රී අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගෙන් කාර්යාලයට ගිනි තැබීම සිද්ධියට සම්බන්ධව ප්‍රධාන සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් තිදෙනා අද දින මිනුවන්ගොඩ අද අධිකරණයේදී ඉදිරිපත් කර තිබුණා.

තිදෙනාගෙන් දෙදෙනෙකු දිවුලපිටිය සමගි ජන බලවේගයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රී වරියක් ලෙස හඳුනාගෙන ඇත.

මොවුන්ගෙන් එක් අයෙකු ශරීර ඇප මත නිදහස් කර ඇති අතර අනිකුත් දෙදෙනාගේ ඇප ලියකියවිලි වල අඩුපාඩු ඇති බැවින් එම ලිපිගොනු නැවත නිවැරදි ආකාරයෙන් සකසා අධිකරණයට ඉදිරිපත් කරන තුරු බන්ධනාගාර ගත කෙරුණා.

https://youtu.be/CmJ3Y3SiLww