ගින්නකට මැදි වී 30 හැවිරිදි මව සහ දරු දෙදෙනා ජීවිතක්ෂයට (ඡායාරූප)

අනුරාධපුර, ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක ඊයේ (26) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එකම පවුලේ තිදෙනෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

30 හැවිරිදි වියේ පසු වූ මව, 10 හැවිරිදි වියේ පසුවූ දියණිය සහ 05 හැවිරිදි වියේ පසු වූ පුතා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි ඇලයාපත්තුව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ 36 හැවිරිදි පියා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරකරනු ලබනවා.

1 11
  1. SUICIDE CASE EKAK NOWENNA PULUWAN, ACCIDENT EKAK WAGEYI PENNE. NAMUTH EKA PLAN KALA MURDER GENOCIDE EKAK WENNATH PULUWAN. PIYA WITHARAK BERUNA NAM EYATA GODAK DARUNU THUWALA ATHI. EHEMANOWEE SULU THUWALA ATHINAM ANNA EYA GENA SEKA KARANNA HAKIYI. KOHOMATH GEDARAKA PAWULAKA HADISI MARNAYAK UNAMA, MARUNE BIRIYA NAM MULINMA SEKA KARANA INTOROGATE KARANNE PYAGEN, ITA PASSE GEDARA SITI ANITH AYAGEN.