ගෑස් මිල සංශෝධනය අද

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් අද සිදුවීමට නියමිතව තිබෙනවා.

මිල සංශෝධනයක් සිදුවුව ද එය ඉහළ මිලකින් සිදු නොවනු ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කර ඇත්තේ.

මිල සූත්‍රයට අනුව අද ගෑස් මිලෙහි වැඩි වීමක් සිදු වීමට නිමිතව තිබුණ ද එය සිදු නොකර ජනතාවට සහනයක් දීමට නියමිත බවට ද වාර්තා වනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර ඇත්තේ ජනතාව ඉතා අසීරුතාවන්ට පත්ව ඇති මොහොතක ගෑස් මිලෙහි නියත වැඩි වීමක් තිබුණ ද එම මිල වැඩි වීමක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

එමෙන්ම රුපියල් ශක්තිමත් වීම තුළින් එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කිරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.