ගෑස් මිල වැඩි කිරීම ගැන තීරණය අද

ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මිල ඉහළ නංවන ආකාරය පිළිබඳ අද දැනුම් දීමට නියමිත අතර අද උදෑසන පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය දැනුම්දෙන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

ඒ අනුව බොහෝදුරට නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ගණන් ඉහළ යාම හමුවේ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000කට ආසන්න මුදලකින් ඉහළ දැමිය යුතු වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ දැමීමට නියමිත බවද සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය යි.

මේවනවිට ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,409කටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14