ගෑස් ප්‍රමිතිය ප්‍රකාශයට

ගෘහස්ථ ගෑස්වල තත්ත්වය, රෙගියුලේටරය, සිලින්ඩරවල වෑල්ව සහ බටය සම්බන්ධයෙන් ප්‍රමිතීන් නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරා තිබෙනවා.

ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග සම්බන්ධයෙන් වන ප්‍රමිතීන් සම්බන්ධ ගැසට් නිවේදන පිළිබඳ පැහැදිලි කරමින් සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ,

පසුගිය දිනවල ඇතිවූ ගෑස් සිදුවීම් සම්බන්ධයෙන් නැවත එවැනි තත්ත්වයන් ඇති නොවීමට කෙටි කාලීන, මාධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් ලබාදීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. 

එමෙන්ම ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විද්වත් කමිටුවෙන් ලැබුණු නිර්දේශ මත ද ගෑස් හා උපාංග ආශ්‍රිතව අතීතයේ සිට නියාමනයක් සිදු නොකිරීම වර්තමානයේ ඇතිවී තිබෙන මෙම ගැටළුකාරී තත්ත්වයට හේතුවක් වී ඇති බව අනාවරණය විය.

ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2021.11.30 වන දින ආනයන අපනයන පාලක ජනරාල්වරයා වෙත ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග සම්බන්ධයෙන් ප්‍රමිතිය අනිවාර්ය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය පැවරීමට අවශ්‍ය බලය ලබාදීමට ඉල්ලීමක් කරන ලදි. 

එහි ප්‍රතිඵලයක් ලෙස මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත අද දින (12) සිට ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග මෙරටට ආනයනය කිරීමේදී ප්‍රමිතිය අනිවාර්ය කරමින් පහත සඳහන් අදාළ ගැසට් නිවේදන පළකිරීමට කටයුතු කර ඇත.

126 – ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් – SLS 712

127- ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්  සඳහා හෝස් සහ හෝස් එකලස් කිරීම් – SLS 1172

128 – ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සිලින්ඩරය සමග භාවිතය සඳහා කපාට (වෑල්ව) සවිකිරීම් – SLS 1184

129 – පීඩන නියාමක සහ ස්වයංක්‍රීය ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා වෙනස් කිරීමේ උපකරණය – SLS 1180

ඒ අනුව, ඉහත ප්‍රමිතීන් සම්බන්ධ ගැසට් නිවේදන www.imexport.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බාගත කරගත හැකිය.

මින් ඉදිරියට ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග ආනයනය කරනු ලබන්නේ නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත අයදුම්පත් ඉදිරිපත් කර එම ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් රේගුවෙන් නිදහස් කිරීමට පෙර ප්‍රමිති සහතිකය ලබාගැනීමෙන් පසු එය ඉදිරිපත් කිරීමෙන් පසු රට තුළට ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග ඇතුළු කිරීමට අවසර හිමි වේ.

ඒ අනුව, මෙම ක්‍රියාමාර්ගයෙන් පසු ප්‍රමිතියෙන් තොර  ගෑස්, ගෑස් සිලින්ඩර හා උපාංග රට තුළට ඇතුළු නොවනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:11
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50


?