ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවෙන් කිලෝමීටර් 160ක් දුරින්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද (09) පස්වරු 01.00 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 160 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අවසන් නිවේදනයේ සඳහන් වුණා.

එය වයඹ දෙසට ගමන් කර හෙට (10) දින පෙරවරු 11.30 ත් ප.ව. 5.30 ත් අතර කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවථිඅ බවයි එම නිවේදනයේ සඳහන් වුණේ.

උතුරු පළාතෙත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එමෙන්ම වයඹ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇති විය බව එම නිවේදනයේ සඳහන්.

ඊට අමතරව සෙසු ප්‍රදේශ වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝ මීටර් 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

වයඹ, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල විටින් විට හමන පැයට කික්ලෝ මීටර් 40-50 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි බවත් සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33